
මොනවා ලියන්ටද කියල හිත හිත ප්‍රවෘර්ති බල බල ඉන්නකොට මට නිකමට වගේ හිතුන දෙයක් ලියන්ට ඕන කියල හිතුන .ප්‍රවෘර්ති වලට හැම නාලිකාවේම පෙන්නන්නේ ලෝකේ පුරා එක එක ස්භාවික විපත් ගැන හැම පැයේම(ලංකාවේ ප්‍රවෘර්ති ගැන නෙමේ මම මේ කියන්නේ බී බී සි / අල් ජසීරා වගේ ) දැන් බලන්ට මෙක්සිකෝ ඊට පස්සේ බ්‍රසිල් ඊට පස්සේ දැන් චීනේ පකිස්ථානය වගේ ඇමෙරිකා වල තිබ්බ එක දැන් ආසියාවටත් ඇවිල්ල . ඒවා නිකම්ම ගං වතුරවල් නෙමේ ඉතාම දරුණු ඒවා .පකිස්ථානයට මේ වගේ ගං වතුරක් ඇවිත් තියෙන්නේ අවුරුදු 90 කලින් . මීට කලින් ලෝකේ පුරාම භුමි කම්පා සිද්ද උන මතක ඇතිනේ හයිටි වල තිබ්බ එක .මේවා දකින කොට මට මතක් උනේ DAY AFTER TOMORROW චිත්‍රපටිය .මෙවෙන විදියට එක ඇත්තටම වෙනවද කියල හිතෙනවා සුළි සුලන් ගිනිකදු එහෙමත් මදි නොකියන්ට තිබ්බ නේ .මේවා අපේ රටේ ගං වතුර වගේ නෙමේ හරිම ප්‍රචණ්ඩයි .ඔයාල දකින්ට ඇතිනේ .මටනම් හිතෙන්නේ මේ ඔක්කොම මිනිස්සුගේම වරදින් කියල ඔයාලට හිතෙන්නේ කොහොමද කියල කියන්නකෝ.