**********හිතනවට වඩා යමක් **********

Wednesday, August 18, 2010

පැණි බේරෙන අබ (ඉස්කෝලේ කාලේ කතාවක් )


කාලෙකින්! කොහොමද කට්ටියට ? .ඉස්කෝලේ කතා කියවල කියවල මටත් හිතුන පොඩි කතාවක් ලියන්න .මේක උනේ මම දහය වසරේ ඉන්නේ කලේ .ඔන්න අපේ ඉස්කෝලේ වෙසක් එකට වෙසක් කුඩු තරගයක් තියන්න තීරණය කලා.හැම පන්තියකින්ම කුඩුවක් ඉදිරිපත් කරන්න ඕන.අපිටත් ඉතින් මාර ආතල් මොකද කුඩු හදන්න ඉස්කෝලෙන් පස්සේ ඉන්න අවසර ලැබුන. ඔය වගේ චාන්ස් එකක් අපි බල බලනේ ඉන්නේ.ඔන්න කොහොම හරි ඉස්කෝලේ අරුන.ඊටපස්සේ අපි කට්ටිය කතා උනා ගෙදර ගිහින් ඇවිල්ල වැඩේ පටන් ගන්න. ඔන්න කොහොම කොහොම හරි හවස 3.00 වෙනකොට කට්ටිය සෙට් උනා.මගේ හොදම යාලුවෝ 7 ක් විතර වැඩේට සෙට් උනා .ඔන්න අපි වැඩේ පටන් අරන් පය 2 ක් විතර එක දිගට වැඩේ කරා.
ඔන්න කට්ටියටම දැන් ටිකක් විතර මහන්සි මහන්සි කියන්නේ කම්මැලි ටිකක් එලියට බැහැල අනන් මනං කතා කරකර හිටිය . ඔන්න එකෙක් මාරු කතාවක් කිව මොකක්ද දන්නවද ඌ ඇහුව මචන්ලා අබ කමුද කියල .මොකද අපේ ඉස්කෝලේ පුර අබ ගස් අපේ පන්තිය ලගත් තිබුන ගහක් මාර රසයි .හැබැයි ගහ ටිකක් විතර ලොකුයි .ගෙඩි පිරිලා .හැබැයි පොඩි කොස්සක් මොකද අබ කැඩීම සපුරා තහනම් අපේ "කරු"තමයි එහෙම කියන්නේ කව්ද මේ කරු ? කරු කියන්නේ අපේ උප විදුහල්පති හරිම වසයි .එකෙක් කීවා කරු අබ කඩන්න එපා කියලනේ තියෙන්නේ කියල . තව එකෙක් කියපි මේ වෙලාවේ කොහෙද බන් කරු කියල මොකද එතකොට වෙලාව හවස 5.00 විතර ඇති.කොහොම හරි කට්ටියම අන්තිමට අබ කන්න තිරනේට අවා.අයෙත් කොස්සක් මොකද ගහ ලොකුයි ගහට නගින්න කවුරුත් නැ.කොහොම කොහොම හරි අන්තිමට පෙරේතකම වැඩි කමට මම ගහට නගින්න ඉදිරිපත් උනා. කට්ටියටම කීවා කරු එනවද බලන්න කියල .ඔන්න ගහේ ආදී දෙකක් නගිනකොට එකෙක් කියපි මචන් කරු එනවා කියල .මම බැස්ස ගහෙන් බිමට එතකොට ඌ හිනා වෙනවා බොරුවට කිවේ කියල මටත් මල පන්න මම කීවා මම ගහේ නගින්නේ නැ කියල .ඔක්කගෙන්ම උට බැනුම් . කට්ටිය කියල කියල මම අපහු වැඩේට බැස්ස .පෙරේතකමට නගින්න ගත්තට වැඩේ අමාරුයි .ගහත් උසයි මට ගස් නගින්නත් බැ කොහොම කොහොම හරි බඩගානවා දැන. අනික් එවුනුත් ෆුල් සප් එක දෙනවා .අඩි 10 ක් විතර නැගල ගස් දෙබලක් අස්සෙන් බලනකොට මට පේනවා කරු හෙමිට පදිපෙලෙන් බහිනවා. මම එකපාරටම මචන්ලා කරු කීවා. ඒ නැගල හිටපු තැනින් බැස්සේ නැ පැන්නා දිව්වා දිවිල්ලක් "Usain Bolt"පරාදයි.ඒ දුවපු දිවිල්ල නතර උනේ වත්තේ ඉදල පාරට යනකම් දුවල තමයි.දැන් පපුව ගැහෙනවා ඊ වැඩේ මාට්ටු. යාලුවෝ කොහෙද දන්නේ නෑ. කොහොම හරි පය බාගයක් විතර ඉදල ගිය පිට්ටනියට . ඔන්න ටිකක් වෙලා යනකොට එක දෙන්න එනවා .ඔක්කොම සෙට් උනා . මරුම වැඩේ කියන්නේ අනික් එකෙක්වත් කරු දැකල නෑ . මම විතරයි දැකල තියෙන්නේ.උන් කියනවා මට ඔය උබේ හිතේ බයට කරු අවේ නෑ කියල . මට හොදටම ෂුවර් මම මිනිහ දැක්ක. මම කීවා එහෙනම් බලපන්කො හෙට උදේට ඔක්කොටම පෝරියල් එක ලැබෙයි කියල.කොහොම හරි කුදුවෙත් බාගයක් විතර හදල කට්ටියම ගෙදර ගියා.
ඊලග දවසේ උදේ කට්ටිය දැන් බයෙන් ඉන්නවා ඔන්න උදේ හැමදාම තියන රැස්වීම (Morning Assembly ) පටන් ගත්ත.ඔන්න හැමදාම වගේ කරු සබාව අමතනවා . එක එක කතා කියල ඔන්න අවා ට්‍රැක් එකට .කරු කිවේ මාරු කතාවක් . "මම කියල තියනවා මේ වත්තේ අබ කඩන්න එපා කියල . ඒ උනාට මම අද කියනවා අබ කඩන කවට කමක් නෑ කියල මොකද මම එහෙම කියන්නේ . මම අබ කඩන්න එපා කීවට ළමයි හොරෙන් අබ කඩනවා එක මම දන්නවා .එහෙම හොරෙන් අබ කඩන වෙලාවක මම දැක්කොත් මේ ළමයි ගහේ මුදුනේ හිටියත් බිමට පැනල දුවනවා .ඔහොම පැනල අතක් කකුලක් කඩාගත්තොත් එකටත් වගකියන්න වෙන්නේ මට .මොකද ඔහොම වැඩක් උනා ඊයේ .වෙලාවට ඒ ළමයට මුකුත් උනේ නෑ මම හිතන්නේ .ඔන්න ඕක නිසා මම කියනවා අබ කවට කමක් නෑ කියල" .ඔන්න ඔහොමි කරු කිවේ .ඔන්න එතකොට තමයි කට්ටියටම අගට ලේ ටිකක් ඉනුවේ .මම කට්ටියගෙන් ඇහුව මචන්ලා මම දැකල තියෙන්නේ හොල්මනක් නෙවෙයි නේද කියල .ඔන්න ඔහොමයි අපි හොරට අබ කෑවේ.