**********හිතනවට වඩා යමක් **********

Wednesday, June 23, 2010

පොඩි හිනා කතාවක්

මම අද කියන්නේ පොඩි හිනායන කතාවක් හැබැයි හිනා යය්ද දන්නේ නැ.ඔයාල අහල තියන එකක්ද දන්නෙත් නැ .ඒ උනාට මම කියන්නම් .
ඔන්න යාලුවෝ දෙන්නෙක් කාලෙකට පස්සේ හම්බ උනා.ඉතින් දෙන්න විස්තර කතා කරලා දෙන්න කලින් මැදපෙරදිග තමයි ඉදල තියෙන්නේ.
ඉතින් එක යාලුවෙක් ඇහුව උගේ බිස්නස් එක දැන් කොහොමද කියල .එයා එහෙදි සිසිල් බීම බිස්නස් එකක් කරලා තියනවා .ඉතින් අර යාළුවා කිව ඒක බංකොලොත් උනා කියල . එතකොට අනෙක ඇහුව ඒ මොකද මුලදී ඒක හොදට තිබ්බ නේද කියල .එතකොට එයා කියනවා ඔව් මුලදී හොදට තිබ්බ තම ඒ උනාට අපි බිස්නස් වැඩි කරගන්න දැන්වීමක් ගැහුවා ඒක තමා හෙනේට හිටියේ කියල . අනෙක ඇහුව මොකක්ද දැන්වීම කියල .

මෙකතම දැන්වීම .අපි ගැහුවා මුලින්ම අරාබි කාරයෙක් කාන්තාරේ වැටිලා ඉන්නවා ඊට පස්සේ උ අපේ බීම එකක් බොනවා ඒක බීවට පස්සේ උ සතුටින් යනවා .ඕක තමි අපේ දැන්වීම කියල කීව . අනෙක් යාළුවා ඇහුව මොකද ඉතින් ඔය දැන්වීමේ තියන වරද ඒක නියම දන්වීමක්නේ කියල .එතකොට අනෙක කියනව දන්වීමනම් නියමි අපිට පොඩි වැරදීමක් සිදුඋනා ඒක තමි අවුල කියල . එනක ඇහුව මොකක්ද අවුල කියල .අවුල තමයි අපිට අමතක උනා අරාබි කාරයෝ කියවන්නේ අපි වගේ වමේ ඉදල දකුණට නෙමෙයි කියනඑක උන් කියවන්නේ දකුණේ ඉදල වමට . එතකොට බලන්නකෝ අර දැන්වීමෙන් මොකක්ද අගවෙන්නේ කියල ඔහොම තමයි බිස්නස් ඒක බංකොලොත් උනේ .

............................මොනවහරි කමෙන්ට්ස් දාන්න...................................

Tuesday, June 15, 2010

කාලෙකට පස්සේ ආස හිතෙන මැච් එකක්


කාලෙකට පස්සේ අස හිතෙන විදියේ මැච් එකක් බැලුව .දිනුව ගමන්ම ලියන්න හිතුනේ දැනුන සතුට වැඩිකමට.අපේ රටනේ .මාලිංග නම් අද නියමයි.මම හිතන්නේ තරගයේ වීරයා එයට හම්බවෙයි.මම අපිත් එක්ක වැඩ කරන පකිස්තාන් කට්ටිය එක්ක ඔට්ටු අල්ලලා තිබුනේ. සතුට වැඩිකමට මේක ලිව්වේ පස්සේ හමුවෙමු .අදට මෙච්චරයි. ............................ කමෙන්ට්ස් දාන්න..............................

Sunday, June 13, 2010

පාපන්දු ලෝක කුසලාන 2010 නව පන්දුව (JABULANI)


මම අද කියන්න යන්නේ 2010 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තියෙන විශේෂත්වයක් ගැන . එකක් තමා අප්‍රිකා රටක තියන පළමු ලෝක කුසලාන . තව එකක් තමා මෙවර භාවිත කරන්නේ අලුත් පා පන්දුවක් .අද මම කියන්න යන්නේ අන්න ඒක ගැන .
කලින් භාවිත කරන ලද පන්දුව හදල තියෙන්නේ කොටස් 32 ක් එකතු කරලා නමුත් මේක හදල තියෙන්නේ කොටස් 8 ක් පමණක් එකතුකරලා. ඒක තමි මේකේ තියන විශේෂත්වය. මේක හදල තියෙන්නේ adidas කියන සමාගම විසින් .එම සමාගම තමයි 2014 වෙනකම් ලෝක කුසලානයට පන්දුව සදහා අනුග්‍රහය සපයන්නේ .මේ පන්දුවේ නම තමයි ජබුලනි(Jabulani) . සෙල්ලම් කරන ක්‍රීඩකයන් නම් බොහෝදෙනෙක් මේ නව පන්දුවට කැමති ගෝල රකින්නන් හැර මොකද ගෝල රකින්නන් කියනව මේ පන්දුව පහර දුන් විට දිසාව වෙනස් වෙන නිසා ගෝල රැකීම තරමක් අපහසු කියල ,මේක නිසා සමහර විට තරග උඩු යටිකුරු වෙන්න පුළුවන් . ඕක තමයි අලුත් වෙනස .විස්තර ටිකය් ලිව්වේ වැඩිය ඕනනම් මෙතන ඔබන්න.එහෙනම් අදට මෙච්චරයි .පස්සේ හමුවෙමු . කොමෙන්ට් දාන්න.

Saturday, June 12, 2010

තේරීම් කමිටුව සහ චන්දිමාල්







තේරීම් කමිටුව සහ චන්දිමාල්

චන්දිමාල් කියන්නේ සිම්බාබ්වේ සංචාරයේ සර්තක් පිතිකරුවෙක් කියන එක මම අමුතුවෙන් කියන්න ඕන නැනේ .ඒ උනාට අපේ ආසියා කුසලාන තරගාවලියට චන්දිමාල් නෑ .අපේ අලුත් තේරීම් කමිටු සභාපති අරවින්ද සිල්වා කියන්නේ නම් එයට වැඩි අත්දැකීමක් ලබාදෙන්න එයාව ඔස්ට්‍රේය්ලිය සංචාරයට දැම්ම කියල .මගේ අදහසට අනුව නම් කාලෙකට පස්සේ අපේ තේරීම් කමිටුව හොද තීරණයක් අරන් තියනවා කියල .මොකද චන්දිමල්ව ආසියා කුසලානෙට දැම්ම නම් සමහර විට එයට එක තරගයක්වත් සෙල්ලම් නොකර බැංකුවට වෙලා තමයි ඉන්න වෙන්නේ .ඒ උනාට ඒ කණ්ඩායමේ සංචාරයේදී එයාට සම තරගයකටම සෙල්ලම් කරන්න ලැබෙනවා ඒක එයාට හොද අත්දැකීමක් වෙනවා බැංකුවට වෙලා ඉන්නවට වඩා.එක නිසා කාලෙකට පස්සේ අපේ කමිටුව හොද තීරණයක් අරන් තියනවා .මට දැන් පේන විදියට ක්‍රිකට් වලට හොද කලක් යි වගේ .


කොමෙන්ට් දාන්න.....................

පුංචි සිද්දියක්

පුංචි සිද්දියක් !!!!!!!!!!!!!!!!!
මේක මගේ පලවෙනි බ්ලොග් එක .මේක සමහර විට ගොඩක් වැරදි තියෙන්න පුළුවන් එත් ගණන් ගන්න එපා ටිකක් කල් යනකොට හරි යය්.මේක සිද්ද උනේ අපි ඉස්කෝලේ යන දවස් වල.ඒ කලේ මම ඉස්කෝලේ ගියේ ස්කූල් බස් එකේ .අපේ බස් එකේ රියදුරා හරිම වේගයෙන් යනවා. ඒ දවස් වල මම අල ච්ලස්ස් එකේ එක දවසට පොත් 3 විතර තමයි අරන් යන්නේ .ඔන්න ඔය පොත් 3 කෑම එක ගෙදරින් දෙන ඕකත් අතේම තමයි අරන් යන්නේ . ඔන්න ඔය දවසේ මම බස් එකට නැගල පිටිපස්සේ සේඅර් එකේ තමයි වැඩි උනේ . මම වාඩි වෙලා පොත් 3 සේඅට් එක උඩ තියල එක උඩ කෑම එක තිබ්බ .සෙනග ටිකයි හිටියේ .ඔහොම ටිකක් වෙලා යනකොට බස් එක එක පාරටම තිරිංග තද කළා ආ මට කියන්න අමතක උනා අපේ බස් එකේ කොන්දොස්තර හරිම විහිලු කාරයා ඔන්න එතකොට මගේ කෑම එකයි පොත් ටිකයි සේඅට් එකෙන් වැටුන .පොත් දෙකනම් එතනම බිම වැටුන ඒත් කෑම එක වැටුනේ පා පුවරුවේ අන්තිම පඩියට . බස් එක ඒ වේගයෙන්ම යනවා මම අන්තිම පඩියට බැහැල එක ගන්න උත්සහ කලා වැඩේ ලේසි නෑ මොකද බස් එකවේගෙන්ම යනවා ඊට පස්සේ මම බොහොම අමාරුවෙන් අර බැටේ එල්ලිලා බත් එක ගන්න යනකොට අර කොන්දොස්තර අයිය මගේ කමිසේ ඇගිලි දෙකකින් අල්ලාගෙන හරි හරි මල්ලි ඔය බයවෙන්න එපා කියනවා . ඕක දැකල බස් එකේ හැමෝටමත් මටත් හොදටම හිනා .කොහොමහරි මම කෑම එක ගත්ත . ඕක තමයි මගේ පුංචි සිද්දිය .
කොමෙන්ට් දාන්න අමතක කරන්න එපා මේක මගේ පලවෙනි බ්ලොග් එක නිසා