**********හිතනවට වඩා යමක් **********

Wednesday, June 23, 2010

පොඩි හිනා කතාවක්

මම අද කියන්නේ පොඩි හිනායන කතාවක් හැබැයි හිනා යය්ද දන්නේ නැ.ඔයාල අහල තියන එකක්ද දන්නෙත් නැ .ඒ උනාට මම කියන්නම් .
ඔන්න යාලුවෝ දෙන්නෙක් කාලෙකට පස්සේ හම්බ උනා.ඉතින් දෙන්න විස්තර කතා කරලා දෙන්න කලින් මැදපෙරදිග තමයි ඉදල තියෙන්නේ.
ඉතින් එක යාලුවෙක් ඇහුව උගේ බිස්නස් එක දැන් කොහොමද කියල .එයා එහෙදි සිසිල් බීම බිස්නස් එකක් කරලා තියනවා .ඉතින් අර යාළුවා කිව ඒක බංකොලොත් උනා කියල . එතකොට අනෙක ඇහුව ඒ මොකද මුලදී ඒක හොදට තිබ්බ නේද කියල .එතකොට එයා කියනවා ඔව් මුලදී හොදට තිබ්බ තම ඒ උනාට අපි බිස්නස් වැඩි කරගන්න දැන්වීමක් ගැහුවා ඒක තමා හෙනේට හිටියේ කියල . අනෙක ඇහුව මොකක්ද දැන්වීම කියල .

මෙකතම දැන්වීම .අපි ගැහුවා මුලින්ම අරාබි කාරයෙක් කාන්තාරේ වැටිලා ඉන්නවා ඊට පස්සේ උ අපේ බීම එකක් බොනවා ඒක බීවට පස්සේ උ සතුටින් යනවා .ඕක තමි අපේ දැන්වීම කියල කීව . අනෙක් යාළුවා ඇහුව මොකද ඉතින් ඔය දැන්වීමේ තියන වරද ඒක නියම දන්වීමක්නේ කියල .එතකොට අනෙක කියනව දන්වීමනම් නියමි අපිට පොඩි වැරදීමක් සිදුඋනා ඒක තමි අවුල කියල . එනක ඇහුව මොකක්ද අවුල කියල .අවුල තමයි අපිට අමතක උනා අරාබි කාරයෝ කියවන්නේ අපි වගේ වමේ ඉදල දකුණට නෙමෙයි කියනඑක උන් කියවන්නේ දකුණේ ඉදල වමට . එතකොට බලන්නකෝ අර දැන්වීමෙන් මොකක්ද අගවෙන්නේ කියල ඔහොම තමයි බිස්නස් ඒක බංකොලොත් උනේ .

............................මොනවහරි කමෙන්ට්ස් දාන්න...................................

6 comments:

  1. හික් හික් මරු කථාව

    ReplyDelete
  2. හිහ්.... හිහ්......

    පරණ ලිපි ටිකත් කියෙව්ව.
    දිගටම ලියන්න....
    සුභ පැතුම්.....

    (word Verification අයින් කරන්න පුලුවන්නම් අපිට කමෙන්ට් දාන්න ලේසියි......)

    ReplyDelete
  3. හිකි හිකි! අහල තිබුණත් කමක් නෑ!ආපහු හිනා ගියා

    ReplyDelete
  4. කමෙන්ට්ස් දාපු හැමෝටම බොහොම ස්තුත්යි

    ReplyDelete
  5. ඔන්න word Verification අයින් කලා.

    ReplyDelete
  6. එල එල. කතාවත් ෆොටෝස් දෙක තුනකුත් දැම්මා නම් අපූරුයි :)

    ReplyDelete