**********හිතනවට වඩා යමක් **********

Thursday, July 1, 2010

විනිවිද පෙනෙන තාක්ෂණික ලෝකය


ලියන්න දෙයක් නතුව ඉන්නකොට හම්බුනා අලුත් දෙයක් .අද මම ලියන්නේ අලුත් සොයා ගැනීමක් ගැන .
මේක හොයාගෙන තියෙන්නේ කොරියානු SCIENTIST ( මේක ලියන්න උත්සහ කල බැරි උනා ඒකයි ඉංග්‍රීසියෙන් ලිව්වේ ) 5 ක් එකතුවෙලා තමයි. Jung Won Seo, Jae-Woo Park, Keong Su Lim, Ji-Hwan Yang සහ Sang Jung Kang කියන පස්දෙනා තමයි . මේක තමයි ලෝකයේ ප්‍රථම විනිවිද පෙනෙන පරිගණක චිපය (CHIP).

මේකේ නම TRRAM( transparent resistive random access memory) .දැනට නිර්මාණය කරලා තියන metal-oxide semiconductor memory වගේම තමයි මෙයත් . දැනට අපි මේවා ඉලෙක්ට්‍රොනික උපාංග වල පාවිච්චි කරනවා . ඒ උනාට මේ අලුත් නිෂ්පාදනයේ වෙනස තමයි එය සම්පුර්ණයෙන්ම විනිවිද පෙනෙනසුලුයි .

දැන් අපි බලමු මේකේ පාවිච්චි කිරීමේ වාසි මොනවද කියල . Jung Won Seo කියන ආකාරයට මේක යොදාගෙන සම්පුර්ණයෙන්ම විනිවිද පෙනෙනෙන උපකරණ නිපදවීමට හැකියාව තියනවලු .ඒ කියන්නේ ජංගම දුරකථන ,රුපවාහිනී ,පරිගණක වගේ දේවල් විනිවිද පෙනෙන ලෙස නිපදවන්න පුළුවන්.(ඉහත රුපයේ වගේ ) ඒ වගේම ඔහු කියනව අපේ ගෙවල් වල භාවිත කරන ජනෙල් වීදුරු සහ දර්පන රුපවාහිනී සහ පරිගණක තිර වශයෙන් භාවිත කිරීමේ හැකියාව තියනවලු .ඒ කියන්නේ මේක ඉලෙක්ට්‍රොනික ලෝකයේ පෙරලියක් කරන බව නම් අපට කියන්න පුළුවන් .මෙය වෙළද පලට පැමිණීමට තව අවුරුදු 3 ක් 4 ක් පමණ යයි කියල තමයි නිෂ්පාදකයෝ කියන්නේ .අදට මෙපමණයි .
................කමෙන්ට්ස් වටිනවා .....................

No comments:

Post a Comment