**********හිතනවට වඩා යමක් **********

Sunday, November 14, 2010

අම්මා !!!!!

මට මතක ඇති දා පටන් මගේ අම්මට තිබුනේ එක ඇසකි.මෙය මට මහත් වදයක්ම විය .ඇය ජීවිකාව සදහා කලේ වෙළදමය .ඒ කුඩා පෙට්ටි කඩයකි.එහි ලොතරැයි මෙන්ම කුඩා කුඩා කෑම ජාති විකුනුවය. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වදයකි .අප ඉල්ලන දේ දීමට ඇය සතුව මුදල් නොතිබීමද එක හේතුවකි .
එය ම ජීවිතයේ වැඩියෙන්ම කේන්ති ගත් දිනයකි.මගේ අම්ම මගේ පාසලට පැමිණියාය. ඒ මම පරක්කු කිමදි දැනගැනීමටය .මගේ අම්ම මට තවත් එපා විය.යහළුවන් සියල්ල මට ඔච්චම් කරන්නට පටන් ගත්තේය."යකෝ උබේ අම්මට තියෙන්නේ එක අහයිනේ ." හා හා උබේ අම්ම කොහොමද එක ඇහෙන වැඩ කරන්නේ .මට මගේ යාළුවන් මරාගෙන මැරෙන්න තරම් තරහක් ඇතිවිය .මට ඊට වැඩ තරහ අම්ම සමගය . මේ ගැනි මොකටද ඉස්කෝලෙට රිංගුවේ..
මම එදා ගෙදර ගියේ මර කේන්තියෙනි .මොකද අම්මේ අම්මගේ අනික් ඇහැට උනේ අම්මට ඕන ඉස්කෝලෙට ඇවිත් මගේ යාළුවන්ට මව විහිළුවක් කරන්නද .ඇත්තටම ඊ අම්ම මැරිලා යන්නේ නැත්තේ . මම දිගටම කියාගෙන ගියෙමි .
විටෙක මට දුකක්ද ඇතිවිය .එත් සතුටු වීමට කාරණාවක් විය .ඒ මට අවශ්‍ය දේ කීමට හැකි වුනු නිසා.
එදා රැ මා කුස්සියට ගියේ වතුර ටිකක් බිමටය වෙලාව රැ 1200 -පසුවී තිබිණ කුස්සියේ කොනක වාඩිවී අම්ම හදමින් සිටිනු මා දුටුවෙමි .මුලින් මගේ හදවතට දුකක් අ නමුත් ඇයගේ තනි ඇස දුටුවිට ඒ දුක කෝපයක් බවට පත් විය ." මේ ගැනිට අඩන්නවත් ඇස් දෙකක් නැනේ "මට සිතුනි ඒ මදිවට මේ ගැනි ඇහැට වුනු දේ නොකිය ඉන්න හැටි .
කාලය ගෙවී ගියේය .මම ඉතා හොදින් ඉගෙන ගත්තේය මම ඉහලින්ම උසස් පෙළ සමත් වූ අතර විශ්ව විද්‍යාලයටද තේරුණි .ඒ සදහා සියලු වියදම් දැරුවේ ඇය විසිනි එත් මට තවමත් අගේ තනි ඇස දකින විත් එන්න කේන්තියකි ."මේ මනුස්සය මට ලජ්ජා කරන හැටි"
විශ්ව විද්‍යාලයෙන් පිටවූ විගස මට හොද රස්සාවක් ලැබුණු අතර මම අම්ම සමග තුබූ සියලු සම්බන්දකම් අතහැරියෙමි. එය මට මහත් අස්වැසිල්ලක් විය .ම විවාහ වුයේ පොහොසත් කාන්තාවක් සමගය .රකියවෙන්ද මම බොහෝ උසස්වීම් ලැබුවේය .
මගේ ජීවිතය ඉතාමත් සතුටින් ගතවිය .මට දියණියක්ද ලැබුණි . අප ඉතා සතුටින් කාලය ගතකළේය .
දිනක් තනි ඇසක් සහිත මගේ අම්ම මගේ ගේ ඉදිරිපිට විය .මට මගේ ලෝකය කඩාවැටුන වැනි හැගීමක් ඇතිවිය .මගේ දියණියද බියවී ගෙතුලට දිව ගියාය .ඒ මගේ අම්මගේ තනි අස්ක සහිත මුණ දැකීමෙනි .මම ඇය මුණ ගැසීමට ගියෙමි ."ඔහේ කවුද ? මොනවද ඔහෙට ඕනේ ?කරුණාකරලා අපට වැඩ නොදී යනවද මේ පොඩි ළමය බය කරන්නේ නැතුව " මම නොනැවතී කෑ ගැසුවේය.
"අනේ සමාවෙන්න මම වැරදි ගේකට ඇවිත් තියෙන්නේ "මගේ අගට් ලේ ටිකක් ඉනුවේ ඒ වෙලෙය . ඇය ම හදුනාගෙන නොතිබිණ .මට එසේ සිතුනි.

වසරකට පසු මගේ පාසලේ උපහාර පිදීමේ උත්සවයකට මට අරදන ලැබුණි .මගේ මිත්‍රයන්ට මගේ ජයග්‍රහණය පෙන්නන්නටත් වගේ මම ආරාධනාව බර ගත්තේය .උපහාර පිදීම අහවර විය .අදුරද වැටි තිබිණ .
කෝකටත් කියා මමමගේ අම්මගේ ගෙදර යාමට ටිරන්‍ය කලෙමි .සමහර විට මා මෙහි පැමිණි වග ඇය දන්නවද විය හැකිය .මම වත්තට ආ නමුත් කිසිවෙකු එහි නොසිටියාය .ම ගෙතුලට ගියාය .වසර ක් මා ජිවත් වූ නිවාස එය විය .අහෝ මගේ අම්ම එහි විය .නමුත් එවනවිත ඇය සිටියේ ජිවතුන් අතර නොවේ .ම මෙහි එන බව දන හෝ නොදැන ඇය පරලොව ගොස් සිටියේය එහෙත් මට එතරම් දුකක් ගෙනදෙන කාරණාවක් නොවිය
එහෙත් පසුව අගේ අතේ යමක් ඇති බව මම දුටුවෙමි .එය ලිපියකි .එය ම හට ලිවූ ලිපියකි .

මගේ පුතේ ,
මම ජිවත් උන දැන් හොදටම ඇති .උබට උපහාර පුදන උත්සවේට මට එන්න ඕන උනත් උබට ලජ්ජා කරන්න බැරි නිසා මම අවේ නැ.මේ එක අහක් තියාගෙන මම උබට ඕන තරම් ලජ්ජා කරලා තියනවනේ .එත් උබට කවදාවත් නොකියපු මගේ ඇහැට උන දේ මම උබට කියන්නම් .
උබ පොඩි කලේ දවසක උබ ලොකු අනතුරකට මුහුණ දුන්න .එකෙන් උබේ එක ඇහැක් සම්පුර්නයෙනම විනාශ උනා .අම්ම කෙනෙක් විදියට උබ එක ඇහැකින ලොකු වෙනවා බලන්න මට පුළුවන් කමක් තිබුනේ නැ මගේ පුතේ එක නිසා මම මගේ එක ඇහැක් උබට දුන්න . මගේ මේ තනි ඇහෙන ඊට පස්සේ උබව ඇහැක් වගේ බලාගත්ත .උබ අද ලොකු මිනිහෙක වෙච්ච එක ගැන මට තියෙන්නේ පුදුම සතුටක් .මගේ පුතේ මගේ පුතාට බුදු සරණයි .
උබේ අම්ම .

ඊ මේල් පණිවිඩයක් ඇසුරෙනි !