**********හිතනවට වඩා යමක් **********

Monday, December 27, 2010

පශු වෛද්‍ය විද්‍යාව


පළමු වසරේ පශු වෛද්‍ය සිසුන් ඔවුන්ගේ පළමු පන්තියට මැරුණු උරෙක් සමගින් සහබාගි විය .සියලු දෙනාම මේසයවට් එකරෝක් විය .උරාගෙ ශරීරය සුදුපාට රෙද්දකින් වසා තිබිණ .
මහාචාර්යවරයා පාඩම පටන් ගනිමින් පැවසුවේ පශු වෛද්‍ය වරයෙකුට තිබිය යුතු වදගැහැ ගතිගුණ දෙකක් තියනව .පලවෙනි එක තමයි කිසිම දෙයක් කිසිම සතෙකුගේ ශරීරයක් අවයවයක් පිළිකුල් නොකිරීම.එහෙම කියල මහාචාර්යවරයා අර සුදුපාට රෙද්ද ඉවත් කරලා උරාගෙ කට ඇරලා උගේ දිව ඇගිල්ලෙන් අල්ලලා ඇගිල්ල කටේ දාගත්ත .ඊටපස්සේ කිව්වා හැමෝටම මම කරපු විදියටම කරන්න කියල.දැන් ලමයිට් හරිම අප්පිරියයි .ටිකක් වෙලා බලාගෙන ඉදල. එක එක ළමය එහෙම කලා.
හැමෝම කරලා ඉවර උනාට පස්සේ මහාචාර්යවරයා කියනවා දෙවන් ගතිගුණය තමයි නිරීක්ෂණය .දැන් බලන්න මම මගේ මදාගිල්ල උරාගෙ කටේ දාල මගේ දබර ඇගිල්ල තමයි මගේ කටේ දැම්මේ කියල .ළමය්න්ට මොනවා හිතෙන්න ඇද්ද? ??????

Saturday, December 25, 2010

ඔබාමානොමික්ස් (OBAMANOMICS)


ඒක අගෝස්තු මාසය .මේ පුංචි නගරයට හොදටම වහිනවා .මුළු නගරයම හොදටම පාලු වෙලා ගිහින්.නගර වැසියන්ට හරිම අමාරු කාලයක්. හැම කෙනාම ජීවත් උනේ හොදටම ණය වෙලා .එක දවසක නගරයට ආව පොහොසත් සංචාරකයෙක්.එයා ගියා නගරේ තියන එකම හෝටලයට, එයාට ඕන උනා නවතින්න කාමරයක් ගන්න. මෙයා හෝටලයට ගිහිල්ල කෞන්ටරේ උඩ 100$ තිබ්බ තියල කිව්වා මට හොද කාමරයක් ඕන ඉස්සරවෙලා මට පරික්ෂා කරන්ට ඕන කියල එයා ගියා රූම් පරික්ෂා කරන්න. හෝටල් හිමිය ඩොලර් 100 අරගෙන ගිහින් දුන්න හෝටලයට මස් සපයන කෙනාට.එයාගෙන් ණයට ගත්ත මස් වලට . ඊටපස්සේ මස් කඩ කරය ඒ සල්ලි අරන් ගිහින් දුන්න එයාට තෙල් සපයන කෙනාට .එයාගෙන් ගත්ත ණය ගෙව්වා .තල සපයන කෙනා මේ සල්ලි අරන් ගිහින් දුන්න නගරයේ ගණිකාවකට එයාගේ සේවාව ණයට සපයපු එකට . මේ ගණිකාව සල්ලි අරන් ආව හෝටලයට ඇවිත් දුන්න හෝටල් හිමියාට එයා කලින් දවසක කුලියට ගත්ත කාමරයේ ණය ගෙවන්න .දැන් ඩොලර් 100 ආපහු කෞන්ටරේ උඩ .
එතකොට අර සංචාරකයා ආපහු ආව රූම් පරික්ෂා කරලා ඉවර වෙලා .එයා කිව්වා එයාට කාමර එකක්වත් හිතට අල්ලන්නේ නෑ කියල ආපහු ඩොලර් 100 අරන් යන්න ගියා .
මේ කිසි කෙනෙකුට කිසිම අදායමක් ලැබුනේ නෑ ඒ උනාට දැන් හැමකෙනාම ණයෙන් නිදහස් . කොහොමද වැඩේ ....
මේක තම ඔබාමාගේ ආර්ථික ප්‍රතිපත්තිය .

Monday, December 20, 2010

සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුව


ඊයේ බ්ලොග් කරුවන්ගේ සුහද හමුව මම අසාවෙන් බලාගෙන හිටිය ඔෆිස් එකේ ඉදන්
.එන්න ආසාව තිබ්බත් එන්න විදියක් න මොකද ලංකාවේ නැති නිසා . අදුරගන්ට ආසයි මම ආසාවෙන් කියවන බ්ලොග් ලියන්නේ කව්ද කියල .කොහොම හරි මුණු නම් දැක්ක එත් කව්ද කියල දන්නේ නෑ. මොනවා උනත් ලබන පාර
ලංකාවේ හිටියොත් කොහොම හරි උත්සාහ කරනවා සහබාගි වෙන්න .