**********හිතනවට වඩා යමක් **********

Saturday, June 12, 2010

පුංචි සිද්දියක්

පුංචි සිද්දියක් !!!!!!!!!!!!!!!!!
මේක මගේ පලවෙනි බ්ලොග් එක .මේක සමහර විට ගොඩක් වැරදි තියෙන්න පුළුවන් එත් ගණන් ගන්න එපා ටිකක් කල් යනකොට හරි යය්.මේක සිද්ද උනේ අපි ඉස්කෝලේ යන දවස් වල.ඒ කලේ මම ඉස්කෝලේ ගියේ ස්කූල් බස් එකේ .අපේ බස් එකේ රියදුරා හරිම වේගයෙන් යනවා. ඒ දවස් වල මම අල ච්ලස්ස් එකේ එක දවසට පොත් 3 විතර තමයි අරන් යන්නේ .ඔන්න ඔය පොත් 3 කෑම එක ගෙදරින් දෙන ඕකත් අතේම තමයි අරන් යන්නේ . ඔන්න ඔය දවසේ මම බස් එකට නැගල පිටිපස්සේ සේඅර් එකේ තමයි වැඩි උනේ . මම වාඩි වෙලා පොත් 3 සේඅට් එක උඩ තියල එක උඩ කෑම එක තිබ්බ .සෙනග ටිකයි හිටියේ .ඔහොම ටිකක් වෙලා යනකොට බස් එක එක පාරටම තිරිංග තද කළා ආ මට කියන්න අමතක උනා අපේ බස් එකේ කොන්දොස්තර හරිම විහිලු කාරයා ඔන්න එතකොට මගේ කෑම එකයි පොත් ටිකයි සේඅට් එකෙන් වැටුන .පොත් දෙකනම් එතනම බිම වැටුන ඒත් කෑම එක වැටුනේ පා පුවරුවේ අන්තිම පඩියට . බස් එක ඒ වේගයෙන්ම යනවා මම අන්තිම පඩියට බැහැල එක ගන්න උත්සහ කලා වැඩේ ලේසි නෑ මොකද බස් එකවේගෙන්ම යනවා ඊට පස්සේ මම බොහොම අමාරුවෙන් අර බැටේ එල්ලිලා බත් එක ගන්න යනකොට අර කොන්දොස්තර අයිය මගේ කමිසේ ඇගිලි දෙකකින් අල්ලාගෙන හරි හරි මල්ලි ඔය බයවෙන්න එපා කියනවා . ඕක දැකල බස් එකේ හැමෝටමත් මටත් හොදටම හිනා .කොහොමහරි මම කෑම එක ගත්ත . ඕක තමයි මගේ පුංචි සිද්දිය .
කොමෙන්ට් දාන්න අමතක කරන්න එපා මේක මගේ පලවෙනි බ්ලොග් එක නිසා

1 comment:

  1. සුභ පැතුම් ඔයාට

    ReplyDelete