**********හිතනවට වඩා යමක් **********

Friday, July 30, 2010

මේක ඇත්තටම වෙන්න යනවද ?


මොනවා ලියන්ටද කියල හිත හිත ප්‍රවෘර්ති බල බල ඉන්නකොට මට නිකමට වගේ හිතුන දෙයක් ලියන්ට ඕන කියල හිතුන .ප්‍රවෘර්ති වලට හැම නාලිකාවේම පෙන්නන්නේ ලෝකේ පුරා එක එක ස්භාවික විපත් ගැන හැම පැයේම(ලංකාවේ ප්‍රවෘර්ති ගැන නෙමේ මම මේ කියන්නේ බී බී සි / අල් ජසීරා වගේ ) දැන් බලන්ට මෙක්සිකෝ ඊට පස්සේ බ්‍රසිල් ඊට පස්සේ දැන් චීනේ පකිස්ථානය වගේ ඇමෙරිකා වල තිබ්බ එක දැන් ආසියාවටත් ඇවිල්ල . ඒවා නිකම්ම ගං වතුරවල් නෙමේ ඉතාම දරුණු ඒවා .පකිස්ථානයට මේ වගේ ගං වතුරක් ඇවිත් තියෙන්නේ අවුරුදු 90 කලින් . මීට කලින් ලෝකේ පුරාම භුමි කම්පා සිද්ද උන මතක ඇතිනේ හයිටි වල තිබ්බ එක .මේවා දකින කොට මට මතක් උනේ DAY AFTER TOMORROW චිත්‍රපටිය .මෙවෙන විදියට එක ඇත්තටම වෙනවද කියල හිතෙනවා සුළි සුලන් ගිනිකදු එහෙමත් මදි නොකියන්ට තිබ්බ නේ .මේවා අපේ රටේ ගං වතුර වගේ නෙමේ හරිම ප්‍රචණ්ඩයි .ඔයාල දකින්ට ඇතිනේ .මටනම් හිතෙන්නේ මේ ඔක්කොම මිනිස්සුගේම වරදින් කියල ඔයාලට හිතෙන්නේ කොහොමද කියල කියන්නකෝ.

Tuesday, July 20, 2010

වේදනාව ඉවරයි


අද මම කියන්නේ ගොඩක් අයට වේදනාකාරී දෙයකට හොද පිලියමක් ගැන . මේක තමයි කටු නැති බෙහෙත් විදිනය . මේක පොඩි අයට වගේම ලොකු අයත් ගොඩක් කැමති නැති දෙයක් තමයි මේ බෙහෙත් විදින එක . දැන් මේකට බය වෙන්න කිසිම හේතුවක් නෑ. මේ අලුත් උපකරණයේ කටුවක් නෑ . මේක පාවිච්චි කරලා අපට පුළුවන් අපේ සම තුලින් බෙහෙත් විනිවිද යවන්න . මේකට පාවිච්චි කරන්නේ ලේසර් තාක්ෂනය. වේදනාවක් නෑ වගේම මේක පාවිච්චියත් බොහොම පහසුයි .ඒ කියන්නේ මෙම උපකරණයට බෙහෙත් ඇතුල් කර නියමිත මාත්‍රාව සටහන් කිරීමෙන් පසු එම ප්‍රමාණය පමණයි අපේ අගට ඇතුල් වෙන්නේ .එම නිසා මෙය පහසු වගේම ආරක්ෂාකරයි . මෙය අනාගතයේ අපිටත් බලාගන්න පාවිච්චි කරන්න පුළුවන් වෙයි .

Thursday, July 1, 2010

විනිවිද පෙනෙන තාක්ෂණික ලෝකය


ලියන්න දෙයක් නතුව ඉන්නකොට හම්බුනා අලුත් දෙයක් .අද මම ලියන්නේ අලුත් සොයා ගැනීමක් ගැන .
මේක හොයාගෙන තියෙන්නේ කොරියානු SCIENTIST ( මේක ලියන්න උත්සහ කල බැරි උනා ඒකයි ඉංග්‍රීසියෙන් ලිව්වේ ) 5 ක් එකතුවෙලා තමයි. Jung Won Seo, Jae-Woo Park, Keong Su Lim, Ji-Hwan Yang සහ Sang Jung Kang කියන පස්දෙනා තමයි . මේක තමයි ලෝකයේ ප්‍රථම විනිවිද පෙනෙන පරිගණක චිපය (CHIP).

මේකේ නම TRRAM( transparent resistive random access memory) .දැනට නිර්මාණය කරලා තියන metal-oxide semiconductor memory වගේම තමයි මෙයත් . දැනට අපි මේවා ඉලෙක්ට්‍රොනික උපාංග වල පාවිච්චි කරනවා . ඒ උනාට මේ අලුත් නිෂ්පාදනයේ වෙනස තමයි එය සම්පුර්ණයෙන්ම විනිවිද පෙනෙනසුලුයි .

දැන් අපි බලමු මේකේ පාවිච්චි කිරීමේ වාසි මොනවද කියල . Jung Won Seo කියන ආකාරයට මේක යොදාගෙන සම්පුර්ණයෙන්ම විනිවිද පෙනෙනෙන උපකරණ නිපදවීමට හැකියාව තියනවලු .ඒ කියන්නේ ජංගම දුරකථන ,රුපවාහිනී ,පරිගණක වගේ දේවල් විනිවිද පෙනෙන ලෙස නිපදවන්න පුළුවන්.(ඉහත රුපයේ වගේ ) ඒ වගේම ඔහු කියනව අපේ ගෙවල් වල භාවිත කරන ජනෙල් වීදුරු සහ දර්පන රුපවාහිනී සහ පරිගණක තිර වශයෙන් භාවිත කිරීමේ හැකියාව තියනවලු .ඒ කියන්නේ මේක ඉලෙක්ට්‍රොනික ලෝකයේ පෙරලියක් කරන බව නම් අපට කියන්න පුළුවන් .මෙය වෙළද පලට පැමිණීමට තව අවුරුදු 3 ක් 4 ක් පමණ යයි කියල තමයි නිෂ්පාදකයෝ කියන්නේ .අදට මෙපමණයි .
................කමෙන්ට්ස් වටිනවා .....................